ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං ජාත්‍යන්තර ක්‍රිකට් ආකෘති තුනෙන්ම ඉන්දියාව නියෝජනය කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව පවසයි.
අර්ෂ්දීප් මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 18කට සහ T20I තරග 91කට ක්‍රීඩා කර ඇති නමුත් තවමත් ටෙස්ට් වරම් ලබාගෙන නොමැත.
2026 දුලිප් කුසලාන අර්ධ අවසන් පූර්ව තරගයේදී North Zone වෙනුවෙන් ක්‍රීඩා කළ ඔහු West Zoneට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 53කට කඩුලු 3ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 40කට කඩුල්ලක් දවාගනිමින් සිය රතු පන්දු දක්ෂතා පෙන්වීය.
තරගයෙන් අනතුරුව අදහස් දක්වමින් අර්ෂ්දීප් පැවසුවේ දිගු කාලයකට පසු රතු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ලැබුණු අවස්ථාව උපරිමයෙන් භාවිත කිරීමට තමන්ට අවශ්‍ය වූ බවයි.
ඔහු මීට පෙර 2023 වසරේදී Kent කණ්ඩායම වෙනුවෙන් County Championship තරග පහකටද ක්‍රීඩා කර තිබේ.
අර්ෂ්දීප් පවසන්නේ BCCI වෙතින් තමන්ට ලැබී ඇති පණිවිඩය වන්නේ රතු පන්දු ක්‍රිකට්වලදී හැකි සෑම අවස්ථාවකම දස්කම් දැක්වීම බවත්, සුදුසු වේලාව පැමිණි විට ටෙස්ට් කණ්ඩායමට අවස්ථාව ලැබෙනු ඇති බවත්ය.
“මට අවශ්‍ය ආකෘති තුනෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයෙකු වීමටයි. රතු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ලැබෙන සෑම අවස්ථාවක්ම මම උපරිමයෙන් භාවිත කරනවා,” යනුවෙන් ඔහු සඳහන් කළේය.