Monday, August 31, 2026

දකුණු අප්‍රිකාවට තවත් ආබාධයක් – ලුතු සිපාම්ලා T20 තරගාවලියෙන් ඉවතට

දකුණු අප්‍රිකාවට තවත් ආබාධයක් – ලුතු සිපාම්ලා T20 තරගාවලියෙන් ඉවතට
Advertisement
දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක Lutho Sipamla වම් කලවා ආබාධයකට ලක්වීම හේතුවෙන් නැමීබියාව, සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාව එක්වන වත්මන් T20I තුන්කොන් තරගාවලියෙන් ඉවත්ව තිබේ.

නැමීබියාවට එරෙහිව පැවැති දකුණු අප්‍රිකාවේ පළමු තරගයේදී පන්දු 9ක් පමණක් යැවීමෙන් පසු සිපාම්ලා පිටියෙන් ඉවත්ව ගිය අතර, සිම්බාබ්වේට එරෙහි දෙවැනි තරගයටද ඔහු ක්‍රීඩා කළේ නැත.

ඔහු වෙනුවට Andile Simelane දකුණු අප්‍රිකානු සංචිතයට කැඳවා ඇති අතර, ඔහු මේ වනවිට දකුණු අප්‍රිකාව වෙනුවෙන් T20I තරග 10කට ක්‍රීඩා කර තිබේ.

සිපාම්ලා මෙම තරගාවලියෙන් ඉවත්වන දෙවැනි දකුණු අප්‍රිකානු ක්‍රීඩකයා බවට පත්ව ඇත. මීට පෙර පිතිකරු Jason Smith ද ඉඟටිය ආශ්‍රිත ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් විය.

මේ අතර වේගපන්දු යවන ප්‍රධාන ක්‍රීඩක Kagiso Rabada ද දකුණු කලවා ආබාධයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවට එරෙහි එක්දින තරගාවලියෙන් ඉවත්ව ඇති අතර, ඔක්තෝබර් 9 වැනිදා ආරම්භ වන ටෙස්ට් තරගාවලියට ඔහුගේ සහභාගීත්වයද අවිනිශ්චිතව පවතී.

දකුණු අප්‍රිකාවට ඉදිරියේදී ඉතා කාර්යබහුල තරග කාලසටහනක් පවතින අතර, නැමීබියාවේ තවත් T20I තරග දෙකක්, තුන්කොන් තරගාවලියේ අවසන් තරගයක්, එක්දින තරග තුනක් ඇතුළුව ඔස්ට්‍රේලියාව, බංග්ලාදේශය සහ එංගලන්තය සමඟ තරගාවලි රැසකට මුහුණදීමට නියමිතය.
Advertisement
Advertisement
Advertisement