Tuesday, September 01, 2026

ආසියානු කුසලානයේ බංග්ලාදේශයට විශිෂ්ට ජයක් – ඉන්දුනීසියාව ලකුණු 71කින් පරාජයයි

ආසියානු කුසලානයේ බංග්ලාදේශයට විශිෂ්ට ජයක් – ඉන්දුනීසියාව ලකුණු 71කින් පරාජයයි
Advertisement
ආසියානු කුසලාන කාන්තා T20 තරගාවලියේ සිය පළමු තරගයේදී බංග්ලාදේශ කාන්තා කණ්ඩායම ඉන්දුනීසියාවට එරෙහිව ලකුණු 71ක විශිෂ්ට ජයක් වාර්තා කළේය.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 129ක් රැස් කළේය. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සොභානා මොස්ටරි ලකුණු 40ක් රැස් කළ අතර, ෂෝර්නා අක්ටර් පන්දු 18කින් නොදැවී ලකුණු 31ක් ලබා ගත්තාය.

ඉන්දුනීසියාව වෙනුවෙන් Ni Ariani කඩුලු 3ක් දවාගත් අතර, Ni Luh Dewi කඩුලු 2ක් ලබා ගත්තාය.

ලකුණු 130ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දුනීසියානු කණ්ඩායමට බංග්ලාදේශ පන්දු යවන්නන් හමුවේ කිසිදු අවස්ථාවක් හිමි නොවූ අතර, ඔවුන් පන්දුවාර 18.2කදී ලකුණු 58කට සියලු දෙනා දැවී ගියේය.

නාහිදා අක්ටර් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 15කට කඩුලු 3ක් දවාගත් අතර, මරුෆා අක්ටර් කඩුලු 2ක් ලබා ගත්තාය.

ඒ අනුව බංග්ලාදේශය ලකුණු 71ක පහසු ජයක් සමඟින් ආසියානු කුසලාන තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගත්තේය.
Advertisement
Advertisement
Advertisement