ඉන්දියාවට එරෙහි කොළඹ දෙවැනි ටෙස්ට් තරගයේදී ක්‍රීඩා උපකරණවලට හානි වන ආකාරයෙන් හැසිරීම හේතුවෙන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරියට නිල අවවාදයක් ලබාදී තිබේ.
ජයසූරිය දැවී ගොස් ක්‍රීඩාගාරයට යන අතරතුර පිත්තෙන් සීමා ලකුණු සලකුණු කර ඇති කුඤ්ඤවලට පහරදීම මෙම විනය ක්‍රියාමාර්ගයට හේතු වී ඇත.
ඒ අනුව ඔහුගේ විනය වාර්තාවට එක් අවාසි ලකුණක්ද එක් කර ඇති අතර, එය පසුගිය මාස 24 තුළ ජයසූරියට හිමිවූ පළමු අවාසි ලකුණයි.
මෙම සිදුවීම ICC ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ Level 1 වරදක් ලෙස සැලකේ. එම නීතිය ජාත්‍යන්තර තරගයක් අතරතුර ක්‍රිකට් උපකරණ හෝ ක්‍රීඩාංගණයේ උපකරණ අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් වේ.
කොළඹ ටෙස්ට් තරගයේදී විනය ක්‍රියාමාර්ගයකට ලක්වූ තෙවැනි ක්‍රීඩකයා ජයසූරිය වන අතර, පළමු දිනයේ සිදුවූ සිද්ධියක් හේතුවෙන් යෂස්වි ජයිස්වාල් සහ අසිත ප්‍රනාන්දුටද තරග ගාස්තුවෙන් 25%ක දඩයක් සහ අවාසි ලකුණක් පනවා තිබුණි.