Saturday, October 17, 2026
Breaking

එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි

එංගලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි
Advertisement
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට එංගලන්ත නායක හැරී බෲක් සමත් විය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට එංගලන්ත නායකයා තීරණය කළේය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැති අතර, එංගලන්ත කණ්ඩායම වෙනස්කම් තුනක් සිදුව ඇත.

ආබාධයකට ලක්වූ ජොස් බට්ලර් වෙනුවට කඩුලු රකින ක්‍රීඩක ජෝඩන් කොක්ස් කණ්ඩායමට කැඳවා ඇති අතර, පසුගිය තරගයට ක්‍රීඩා කළ ජොෂ් ටොන්ග් සහ රෙහාන් අහමඩ් වෙනුවට ලියම් ඩෝසන් සහ සෝනි බේකර් සංචිතයට ඇතුළත් කර තිබේ.

කණ්ඩායම් දෙකම මේ වනවිට තරග 1-1ක් ලෙස සම තත්ත්වයේ පසුවන බැවින්, මෙම තරගයෙන් ජයගන්නා කණ්ඩායමට එක්දින සටනේ ශූරතාව දිනාගැනීමට අවස්ථාව උදාවේ.
Advertisement
Advertisement
Advertisement