Friday, September 11, 2026

පූරන්ගේ ප්‍රහාරයෙන් පසු නරේන්ගේ දඟ පන්දුවෙන් ට්‍රිනිබැගෝට විශිෂ්ට ජයක්

පූරන්ගේ ප්‍රහාරයෙන් පසු නරේන්ගේ දඟ පන්දුවෙන් ට්‍රිනිබැගෝට විශිෂ්ට ජයක්
Advertisement
කැරිබියන් ප්‍රිමියර් ලීග් 2026 තරගාවලියේ බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට ට්‍රිනිබැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 147ක් රැස් කළ අතර, නිකලස් පූරන් පන්දු 37කදී ලකුණු 59ක් රැස් කරමින් ඉනිමට වේගය එක් කළේය. කොලින් මන්රෝ ලකුණු 38ක් ලබා ගත්තේය.

ලකුණු 148ක ඉලක්කයක් හඹා ගිය ට්‍රයිඩන්ට්ස් පිතිකරුවන්ට නයිට් රයිඩර්ස් දඟ පන්දු යවන්නන් හමුවේ කිසිදු අවස්ථාවක් හිමි නොවීය. විශේෂයෙන් සුනිල් නරේන් පවර්ප්ලේ අවස්ථාවේදී කඩුලු තුනක් දවා ගනිමින් ට්‍රයිඩන්ට්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 35ක් බවට පත් කළේය.

අවසානයේ නරේන් පන්දුවාර 3.3කදී ලකුණු 12කට කඩුලු 4ක් දවාගත් අතර, ජයිඩ් ගූලි කඩුලු 3ක් දවා ගත්තේය. ලහිරු කුමාර ද කඩුලු 2ක් ලබා ගත්තේය.

ට්‍රයිඩන්ට්ස් කණ්ඩායම පන්දුවාර 18.3කදී ලකුණු 112කට සියලු දෙනා දැවී ගිය අතර, සකරි කාටර් සහ ෂර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණු 21 බැගින් ලබා ගත්හ.

ඒ අනුව ට්‍රිනිබැගෝ නයිට් රයිඩර්ස් ලකුණු 35ක ජයක් හිමිකර ගත් අතර, තරගයේ වීරයා ලෙස සුනිල් නරේන් තේරී පත්විය.

ට්‍රිනිබැගෝ නයිට් රයිඩර්ස් – 147/6 (20)
පූරන් 59, මන්රෝ 38 | මෝටී 3/29, මුජීබ් 2/22

බාබඩෝස් ට්‍රයිඩන්ට්ස් – 112 (18.3)
කාටර් 21, රදර්ෆර්ඩ් 21 | නරේන් 4/12, ගූලි 3/20, කුමාර 2/30
Advertisement
Advertisement
Advertisement