Friday, September 11, 2026

2026 කාන්තා T20 ආසියානු කුසලානයේ ඉන්දියාවෙන් පාකිස්තානයට අමිහිරි පරාදජයක්

2026 කාන්තා T20 ආසියානු කුසලානයේ ඉන්දියාවෙන් පාකිස්තානයට අමිහිරි පරාදජයක්
Advertisement
2026 කාන්තා T20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම කඩුලු 7ක පහසු ජයක් වාර්තා කළේය.

ඉන්දීය දඟපන්දු යවන්නියන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පාකිස්තානය ලකුණු 55කට දැවී ගිය අතර, එය ඔවුන්ගේ කාන්තා T20 ජාත්‍යන්තර ඉතිහාසයේ වාර්තා වූ අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය එක් අවස්ථාවකදී කඩුල්ලක් නොදැවී ලකුණු 27ක් ලබා සිටියද, ඉන් අනතුරුව දැඩි කඩාවැටීමකට ලක්විය. ඔවුන් ලකුණු 8ක් තුළ කඩුලු 6ක් අහිමි කර ගනිමින් 35/6ක් දක්වා ඇද වැටුණි.

ඉන්දීය දඟපන්දු යවන්නිය එන්. ශ්‍රී චරණි විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 7කට කඩුලු 3ක් දවා ගත්තාය. ඇයට අනගි සහායක් ලබාදුන් ප්‍රේමා රාවත් සිය පන්දුවාර 4 තුළ ලකුණු 9කට කඩුලු 3ක් බිඳ හෙළුවාය.

පාකිස්තාන ඉනිමේදී ෂවාල් සුල්ෆිකාර් ලකුණු 14ක් රැස් කළ අතර, අනෙක් පිතිකාරියන්ට ඉන්දීය පන්දු යවන්නියන් හමුවේ සාර්ථක වීමට නොහැකි විය.

ලකුණු 56ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාවද ආරම්භයේදී කඩුලු කිහිපයක් අහිමි කර ගත්තද, නායිකා හර්මන්ප්‍රීත් කෞර් සහ දීප්ති ශර්මා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

හර්මන්ප්‍රීත් කෞර් නොදැවී ලකුණු 18ක් ලබා ගනිමින් ඉන්දියාව ජයග්‍රහණය කරා මෙහෙයවූවාය.

මෙම තරගයේදී හර්මන්ප්‍රීත් කෞර් තවත් සුවිශේෂී වාර්තාවක්ද පිහිටුවා ගත්තාය. ඇය පිරිමි හෝ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ T20 ජාත්‍යන්තර තරග 150කදී කණ්ඩායමක් මෙහෙයවූ පළමු ක්‍රීඩිකාව බවට පත්විය.

අවසානයේ ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 57ක් ලබා ගනිමින් පන්දු 68ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක ජයක් වාර්තා කළේය.

තරගයේ කෙටි ලකුණු සටහන:
🇵🇰 පාකිස්තානය – 55 (ශ්‍රී චරණි 3/7, ප්‍රේමා රාවත් 3/9)
🇮🇳 ඉන්දියාව – 57/3 (හර්මන්ප්‍රීත් කෞර් නොදැවී 18)

ඉන්දියාව කඩුලු 7කින් ජයගනී.
Advertisement
Advertisement
Advertisement