ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විසින් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ 6 වැනි අදියර සඳහා පත් කළ තරග විනිසුරු (Match Referee) සහ විනිශ්චයකරු (Umpire) මණ්ඩලය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙවර මණ්ඩලයට ICC Elite Panel හි සාමාජිකයන් වන රංජන් මඩුගල්ලේ (තරග විනිසුරු) සහ කුමාර් ධර්මසේන (විනිශ්චයකරු) ඇතුළත් වන අතර, ICC සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තවත් ප්‍රවීණ හා නැගී එන නිලධාරීන් රැසක්ද එම මණ්ඩලයට එක්කර ඇත.
තරග විනිසුරු මණ්ඩලය
•රංජන් මඩුගල්ලේ (ICC Elite Panel)
•ග්‍රේම් ලැබ්‍රෝයි (ICC Emerging Match Referees Group)
•වෙන්ඩෙල් ලැබ්‍රෝයි (ICC International Panel)
•මනෝජ් මෙන්ඩිස් (SLC Emerging Panel)
•ප්‍රදීප් ජයප්‍රකාශ් (SLC Emerging Panel)
විනිශ්චයකරු මණ්ඩලය
•කුමාර් ධර්මසේන (ICC Elite Panel)
•වේන් නයිට්ස් (ICC Emerging Umpires Group)
•අසිෆ් යාකුබ් (ICC Emerging Umpires Group)
•රවීන්ද්‍ර විමලසිරි
•ප්‍රගීත් රඹුක්වැල්ල
•රවීන්ද්‍ර කොට්ටහච්චි
•චාමර ද සොයිසා
•අසංක නානායක්කාර
•චන්ද්‍රිකා අමරසිංහ
•හේමන්ත බෝතේජු
•ශාන්ත ෆොන්සේකා
•පී.ආර්.එල්. දුල්සිරි
LPL 2026 තරගාවලිය ජූලි 17 සිට අගෝස්තු 8 දක්වා පැවැත්වීමට නියමිතය.