මිචෙල් සැන්ට්නර්ට ආබාධයක් – මුම්බායි ඉන්දියන්ස් කෙශව් මහරාජ් එක් කරයි
Mumbai Indians කණ්ඩායම, ආබාධයට ලක් වූ Mitchell Santner වෙනුවට දකුණු අප්‍රිකා වමත් දඟ පන්දු යවන Keshav Maharaj කණ්ඩායමට එක්කරගෙන තිබේ.
Mitchell Santner මෙම Indian Premier League 2026 තරගාවලියේ තරග 4කදී කඩුලු 5ක් දවාගෙන 8.92ක economy rate එකක් පවත්වාගෙන ගිය අතර, Chennai Super Kings ට එරෙහිව Wankhede ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී boundary එක අසල catch එකක් රැකීමට උත්සාහ කිරීමේදී උරහිසේ ආබාධයකට ලක්විය.
ඉන්පසුව ඔහු dressing room තුළ උරහිසට ice pack එකක් දමා සිටින අයුරු දැකගත හැකි වූ අතර, තරගයේදී Mumbai Indians කණ්ඩායම ඔහු වෙනුවට concussion substitute ක්‍රීඩකයෙකුද භාවිතා කළේය.
Keshav Maharaj දකුණු අප්‍රිකාව වෙනුවෙන් T20I තරග 54කට සහභාගී වී ඇති අතර, IPL තරගාවලියේ මීට පෙර තරග 2ක් පමණක් ක්‍රීඩා කර තිබේ. ඒ Rajasthan Royals වෙනුවෙන් 2024 වසරේදීය.
එසේම CPL, BPL, Vitality Blast, SA20 සහ Mzansi Super League වැනි ලොව ප්‍රමුඛ franchise ලීග් රැසකද ඔහු අත්දැකීම් ලබා ඇත.
පසුගිය SA20 තරගාවලියේදී ඔහු Pretoria Capitals කණ්ඩායම අවසන් මහා තරගය දක්වා නායකත්වය දීගෙන ගිය අතර, තරග 12කදී කඩුලු 12ක් දවාගෙන සිටියේය.
ඒ අනුව Santner IPL 2026 තරගාවලියෙන් ඉවත් කර ඇති අතර, ඔහු වෙනුවට Maharaj රුපියල් ලක්ෂ 75ක මුදලකට ගිවිසුම්ගත කර ඇත.
T20 ඉනිම් 208කදී සමස්ත කඩුලු 191ක් ලබාගෙන 7.12ක economy rate එකක් පවත්වාගෙන යාමද ඔහුගේ විශිෂ්ට වාර්තාවකි.
Mumbai Indians කණ්ඩායම මේ වනවිට තරග 7කින් ජයගෙන ඇත්තේ තරග 2ක් පමණක් වන අතර, ලකුණු සටහනේ 9 වැනි ස්ථානයේ පසුවේ. ඔවුන්ගේ මීළඟ තරගය Sunrisers Hyderabad ට එරෙහිව බදාදා Wankhede ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.