එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත තරග තුනකින් යුත් විස්සයි20 තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීම සඳහා දසුන් ශානක නායකත්වය දරන 16 දෙනෙකුගෙන් යුත් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී ලංකාව 2-1ක් ලෙස ජයග්‍රහණය කළ එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ කුසල් ජනිත් පෙරේරා, එෂාන් මාලිංග සහ දුෂ්මන්ත චමීර විස්සයි20 සංචිතයට ඇතුළත් කර ඇත.
විස්සයි20 තරග ජනවාරි 30, පෙබරවාරි 01 සහ 03 යන දිනවල පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
සංචිතය:
1. දසුන් ශානක – නායකයා
2. පැතුම් නිශ්ශංක
3. කමිල් මිෂාරා
4. කුසල් මෙන්ඩිස්
5. කුසල් ජනිත් පෙරේරා
6. ධනංජය ද සිල්වා
7. චරිත් අසලංක
8. ජනිත් ලියනගේ
9. පවන් රත්නායක
10. වනිඳු හසරංග
11. දුනිත් වෙල්ලාලගේ
12. මහේෂ් තීක්ෂණ
13. දුෂ්මන්ත චමීර
14. ප්‍රමෝද් මධුෂාන්
15. මතීෂ පතිරණ
16. ඒෂාන් මාලිංග