Team News
පාකිස්තානට එරෙහි T20 තරගාවලියට ශ්රී ලංකා සංචිතය නම් කරයි
October 03, 2026
09:43 PM
Main Admin
පාකිස්තානය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි20 ජාත්යන්තර තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් තේරීම් කමිටුව ක්රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබේ.
ශ්රී ලංකා පිරිමි ජාතික විස්සයි20 කණ්ඩායම ඔක්තෝබර් 04 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිත අතර, මෙම සංචාරයේදී විස්සයි20 තරග තුනකට අමතරව ටෙස්ට් තරග දෙකකට සහ එංගලන්තයද එක්වන එක්දින තුන්කොන් තරගාවලියකටද සහභාගී වීමට නියමිතය.
පාකිස්තානය සමඟ පැවැත්වෙන විස්සයි20 තරගාවලියේ තරග ඔක්තෝබර් 09, 11 සහ 13 යන දිනවල රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිතය.
අනතුරුව එංගලන්තයද එක්වන එක්දින තුන්කොන් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ටෙස්ට් තරගාවලිය නොවැම්බර් 09 වැනිදා ආරම්භ වීමට නියමිතය.
ශ්රී ලංකා විස්සයි20 සංචිතය
කමිල් මිෂාර
සිනෙත් ජයවර්ධන
කුසල් මෙන්ඩිස් – නායක
ලහිරු උදාර
සහන් ආරච්චිගේ
කමිඳු මෙන්ඩිස්
දසුන් ශානක
චමිඳු වික්රමසිංහ
දුනිත් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
විජයකාන්ත් වියස්කාන්ත්
බිනුර ප්රනාන්දු
නුවන් තුෂාර
එෂාන් මාලිංග
දුෂ්මන්ත චමීර – ශාරීරික යෝග්යතාව මත