Team News
ආසියානු ක්රීඩා උළෙලට ශ්රී ලංකා T20 සංචිතය නම් කරයි – දික්වැල්ලටත් යළි අවස්ථාවක්
September 26, 2026
08:23 PM
Main Admin
2026 ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්රී ලංකා කණ්ඩායම නම් කර තිබේ. මෙවර සංචිතයේ නායකත්වය Sahan Arachchige වෙත හිමිව ඇති අතර, ප්රධාන T20I ක්රීඩකයන් රැසකට විවේක ලබාදෙමින් නවක ක්රීඩකයන් කිහිපදෙනෙකුටද අවස්ථාව ලබාදී ඇත.
සංචිතයේ කැපී පෙනෙනම කරුණක් වන්නේ Niroshan Dickwella වසර කිහිපයක විරාමයකින් පසුව නැවතත් ශ්රී ලංකා T20I සංචිතයට කැඳවීමයි. Dickwella අවසන් වරට ශ්රී ලංකාව වෙනුවෙන් T20I තරගයකට ක්රීඩා කර තිබුණේ 2021 වසරේදීය.
එමෙන්ම Ashen Bandara ද නැවත ජාත්යන්තර සංචිතයට කැඳවා තිබේ. ඔහු අවසන් වරට ශ්රී ලංකාව වෙනුවෙන් ජාත්යන්තර තරගයකට ක්රීඩා කර තිබුණේ 2023 වසරේදීය.
මෙවර සංචිතයට Sineth Jayawardena, Sohan de Livera, Wanuja Sahan සහ Garuka Sanketh පළමු වරට T20I කැඳවීම් ලබා තිබීමද විශේෂත්වයකි.
දේශීය ක්රිකට් තරගාවලිවලදී දැක්වූ දස්කම් සැලකිල්ලට ගනිමින් මෙම ක්රීඩකයන්ට අවස්ථාව ලබාදී ඇති අතර, Major Clubs T20 තරගාවලියේදී පිතිකරුවන් අතර කැපී පෙනුණු Sineth Jayawardena ලකුණු 372ක්ද, Sohan de Livera ලකුණු 307ක්ද රැස්කර තිබුණි.
එම තරගාවලියේ අවසන් තරගයේදී Jayawardena පන්දු 32කින් ලකුණු 82ක් රැස් කරමින් විශිෂ්ට පිතිහරඹයකද නිරත විය.
මේ අතර Vijayakanth Viyaskanth ද සංචිතයට එක්කර තිබේ. ඔහු Major Clubs T20 තරගාවලියේදී කඩුලු 17ක් දවා ගනිමින් පන්දු යවන්නන් අතර ඉහළම දස්කම් දැක්වූ ක්රීඩකයෙකු විය.
Chamika Karunaratne ද නැවත සංචිතයට කැඳවා ඇති අතර, මෙවර LPL තරගාවලියේදී ඔහු ලකුණු 253ක් රැස්කර තිබුණි.
පන්දු යැවීමේ අංශයෙන් Nuwan Thushara, Binura Fernando සහ Garuka Sanketh වේග පන්දු යවන්නන් ලෙසත්, Tharindu Ratnayake, Vijayakanth Viyaskanth සහ Dushan Hemantha දඟ පන්දු යවන්නන් ලෙසත් සංචිතයට ඇතුළත් කර තිබේ.
ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට සෘජුවම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට අවස්ථාව හිමිව ඇති අතර, ශ්රී ලංකාව සිය පළමු තරගයට සැප්තැම්බර් 29 වැනිදා Nisshinහිදී සහභාගී වීමට නියමිතය.
ශ්රී ලංකා සංචිතය
Sahan Arachchige (නායක), Niroshan Dickwella, Lasith Croospulle, Sineth Jayawardena, Nuwanidu Fernando, Sohan de Livera, Ashen Bandara, Chamika Karunaratne, Tharindu Ratnayake, Wanuja Sahan, Vijayakanth Viyaskanth, Dushan Hemantha, Nuwan Thushara, Binura Fernando, Garuka Sanketh.