Saturday, October 17, 2026
Breaking

Rizwanගේ පෙත්සම Lahore High Court විසින් ප්‍රතික්ෂේප කරයි

Rizwanගේ පෙත්සම Lahore High Court විසින් ප්‍රතික්ෂේප කරයි
Advertisement

පාකිස්තාන කඩුලු රකින පිතිකරු Mohammad Rizwan විසින් එරට ජාතික Cyber Crimes Investigation Agency (NCCIA) සම්බන්ධයෙන් ඉදිරිපත් කළ පෙත්සම Lahore High Court විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

NCCIA විසින් තමන්ගෙන් ප්‍රශ්න කිරීමට හේතුව පැහැදිලිව සඳහන් කර නොමැති බවත්, මෙම කරුණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එම ආයතනයට නීතිමය බලතල නොමැති බවත් පවසමින් Rizwan පසුගිය බදාදා අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණි.

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ Online betting සහ gambling සම්බන්ධ කරුණු මත තමන්ගෙන් ප්‍රශ්න කිරීමට NCCIA කටයුතු කරන බව පෙත්සමෙන් සඳහන් කර තිබුණි.

කෙසේ වෙතත්, බ්‍රහස්පතින්දා පැවති කෙටි නඩු විභාගයකින් අනතුරුව Lahore High Court විසින් පෙත්සම ප්‍රතික්ෂේප කර ඇති අතර, NCCIA විසින් ඉදිරිපත් කර ඇති ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන ලෙසද Rizwan වෙත දැනුම් දී තිබේ.

මේ වන විට Rizwan එම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන්නේද, නැතහොත් NCCIA වෙත ප්‍රතිචාර ලබා දෙන්නේද යන්න පැහැදිලි නැත.

Rizwan NCCIA වෙත කැඳවනු ලැබුවේ පසුගිය සතියේදීය. එම අවස්ථාවේ Imam-ul-Haq ද ආයතනය හමුවට පැමිණ තිබූ අතර, ඔහුට ලබාදී තිබූ ප්‍රශ්නාවලියට පිළිතුරු ලබාදී එය මේ සතියේදී NCCIA වෙත යොමු කර තිබේ.

කෙසේ වෙතත්, Rizwan අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළේය.

ඔහුගේ පෙත්සමෙන් NCCIA එල්ල කරන චෝදනා පදනම් විරහිත, අපැහැදිලි සහ තම කීර්තිනාමයට හානි කිරීමේ උත්සාහයක් බවට චෝදනා කර තිබේ.

එමෙන්ම, ICC Anti-Corruption Unit (ACU) විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධ betting, spot-fixing ඇතුළු දූෂණ චෝදනා විමර්ශනය කිරීමට විශේෂයෙන් බලය ලබා ඇති ආයතනය බවද Rizwanගේ පෙත්සමෙන් පෙන්වා දී තිබුණි.

මේ අතර, එංගලන්ත සංචාරයෙන් අනතුරුව PCB විසින්ද කණ්ඩායමේ විනය සහ හැසිරීම සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බව නිවේදනය කර තිබේ. කෙසේ වෙතත්, එම විමර්ශනය Rizwan සම්බන්ධ NCCIA පරීක්ෂණයට සම්බන්ධද යන්න මෙතෙක් පැහැදිලි නැත.

Rizwanගේ පෙත්සමෙන් තවත් සඳහන් කර තිබුණේ එංගලන්තයේ Lord's Test තරගයෙන් අනතුරුව තම ජංගම දුරකථනය රජයේ ආයතනයකට සම්බන්ධ නිලධාරියෙකු විසින් ලබාගෙන ඇති බවයි.

පෙත්සමට අනුව, රාත්‍රී 1.00ට හෝටල් ලොබියට කැඳවාගෙන ගොස් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔහුගේ ජංගම දුරකථනය ලබාගෙන තිබූ අතර, පැය තුනක් ඇතුළත එය පරීක්ෂා කර නැවත ලබාදෙන බවට සහතික වී තිබුණද, එය මෙතෙක් ආපසු ලබාදී නොමැති බව Rizwan පවසා තිබේ.

Lord's Test තරගයේදී පාකිස්තානය ලකුණු 194කින් පරාජයට පත්වීමෙන් පසුව PCB විසින් Rizwan, Imam-ul-Haq ඇතුළු ක්‍රීඩකයන් කිහිපදෙනෙකු නැවත පාකිස්තානයට යැවීමට පියවර ගෙන තිබුණි.

එමෙන්ම West Indies සහ England සංචාර සඳහා Rizwan සහ Imam තෝරා ගැනීම සම්බන්ධයෙන්ද PCB විසින් තේරීම් කමිටුවෙන් ලිඛිත පැහැදිලි කිරීමක් ඉල්ලා තිබූ අතර, එම වෙනස්කම්වලින් අනතුරුව තේරීම් කමිටු සාමාජිකයෙකු වූ Misbah-ul-Haq සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
Advertisement
Advertisement
Advertisement