Tuesday, September 01, 2026

ජයිස්වාල් සහ අසිතට තරග ගාස්තුවෙන් 25%ක දඩයක්

ජයිස්වාල් සහ අසිතට තරග ගාස්තුවෙන් 25%ක දඩයක්
Advertisement

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී සිදුවූ ශාරීරික ගැටුමක් හේතුවෙන් ඉන්දීය පිතිකරු යෂස්වි ජයිස්වාල් සහ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් පනවා තිබේ.

එමෙන්ම ක්‍රීඩකයන් දෙදෙනාගේ විනය වාර්තාවට එක් අවාසි ලකුණ බැගින්ද එක් කර ඇත.

අසිත විසින් ජයිස්වාල් දැවී යැවීමෙන් අනතුරුව දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදුව ඇති අතර, පසුව හිස් ආවරණ සහිත හිස් එකිනෙක ගැටීම හේතුවෙන් මෙම දඬුවම පනවා ඇත.

මෙම සිදුවීම ICC ක්‍රීඩක විනය නීති සංග්‍රහයේ 2.12 වගන්තිය උල්ලංඝනය කිරීමක් ලෙස සලකා තිබේ.

මේ අතර, පළමු දිනය අවසානයේ ඉන්දියාව කඩුලු 5කට ලකුණු 300ක් ලබාගෙන සිටි අතර, අසිත ප්‍රනාන්දු ෂුබ්මන් ගිල් සහ රවීන්ද්‍ර ජඩේජාගේ කඩුලු දවාගෙන තිබුණි.

දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ලකුණු 165කින් ජයගත් ඉන්දියාව මේ වන විට තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණේ පසුවෙයි.
Advertisement
Advertisement
Advertisement