Pakistan Cricket Board විසින් ශ්‍රී ලංකා T20 කණ්ඩායම් නායක Dasun Shanaka ට Pakistan Super League (PSL) තරගාවලියෙන් එක් වසරක තහනමක් පනවා තිබේ.
මෙම තීරණය ගෙන ඇත්තේ, ඔහු 11වන PSL සීසන් අතරතුර “එකපාර්ශවිකව ඉවත් වීම” හේතුවෙන් බව PCB පවසයි.
Lahore Qalandars කණ්ඩායම සමඟ ඇතිවූ ගිවිසුම් තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ සම්පූර්ණ සමාලෝචනයකින් පසුව, Shanakaගේ ඉදිරි PSL සහභාගීත්වය පිළිබඳ අවසන් තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
PCB අනුව, 2026 මාර්තු 21 දින Shanaka විසින් තරගාවලියෙන් එකපාර්ශවිකව ඉවත් වීම, Player Registration නීති හා Tripartite Agreement උල්ලංඝනය කිරීමක් ලෙස තහවුරු වී ඇත. එම ඉවත් වීම, ගිවිසුම් රාමුව තුළ පිළිගත් හේතු මත සිදු නොවූ බවද සඳහන් වේ.
Shanaka විසින් ප්‍රකාශ කළ කනගාටුව සහ පාකිස්තානයේ ක්‍රීඩා කිරීමට ඇති ආසාව PCB විසින් සලකා බැලුවද, ගිවිසුම් උල්ලංඝනයේ ගැඹුරුත්වය හේතුවෙන් නීතිමය ක්‍රියාමාර්ග ගත කිරීම අවශ්‍ය බව PCB සඳහන් කරයි.
ඒ අනුව, Shanakaට 2027 PSL තරගාවලියට සහභාගී වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
Shanaka මේ පිළිබඳව ප්‍රකාශ කරමින්,
“PSL තරගාවලියෙන් ඉවත් වීමට ගත් මගේ තීරණය ගැන මට දැඩි කනගාටුවක් තියෙනවා. පාකිස්තාන ජනතාවට, PSL රසිකයන්ට සහ සමස්ත ක්‍රිකට් ප්‍රජාවට මගේ අවංක සමාව ප්‍රකාශ කරනවා.
PSL කියන්නේ ගෞරවනීය තරගාවලියක්. මගේ ක්‍රියාවෙන් ඇතිවූ අපහසුතාවය මට හොඳින් අවබෝධයි. Lahore Qalandars රසිකයන්ට මම විශේෂයෙන් සමාව ඉල්ලනවා.
PSL අත්හැරන අවස්ථාවේ වෙනත් තරගාවලියකට එක්වීමට අදහසක් නොතිබුණා. පාකිස්තාන රසිකයන්ට මට විශාල ගෞරවයක් තියෙනවා. ඉදිරියේදී නැවත PSL වෙත පැමිණීමට බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් සඳහන් කර ඇත.
PCB තවදුරටත් අවධාරණය කරන්නේ, ක්‍රීඩක ගිවිසුම්වල වෘත්තීයමය ප්‍රමිතීන් සහ බැඳීම් ආරක්ෂා කිරීම PSL තරගාවලියේ දිගුකාලීන සාර්ථකත්වය සඳහා අත්‍යවශ්‍ය බවයි.