Monday, June 01, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් නව දැඩි නීති මාලාවක් හඳුන්වා දෙයි – ඇඳුම්, භාෂාව සහ හැසිරීම් පිළිබඳ නව සීමා

ශ්‍රී ලංකා ක්‍රිකට් නව දැඩි නීති මාලාවක් හඳුන්වා දෙයි – ඇඳුම්, භාෂාව සහ හැසිරීම් පිළිබඳ නව සීමා
Advertisement
ශ්‍රී ලංකා ක්‍රිකට් නව දැඩි නීති මාලාවක් හඳුන්වා දෙයි – ඇඳුම්, භාෂාව සහ හැසිරීම් පිළිබඳ නව සීමා

Sri Lanka Cricket (SLC) ක්‍රීඩකයින් සහ සහායක කාර්ය මණ්ඩලය සඳහා නව දැඩි හැසිරීම් නීති මාලාවක් හඳුන්වා දී ඇති අතර, එය ඇඳුම්, භාෂාව, සමාජ මාධ්‍ය භාවිතය සහ පුද්ගලික හැසිරීම් ඇතුළු අංශ කිහිපයක් ආවරණය කරයි.

මෙම නව නීති මාලාව ක්‍රීඩකයින්ගේ පසුගිය ගිවිසුම් මාර්තු 31 දින අවසන් වීමෙන් පසු නව ගිවිසුම් අත්සන් කිරීමත් සමඟ බලපැවැත්වේ.

නව නීති අනුව කණ්ඩායම් පරිසරය තුළ අසභ්‍ය වචන භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, සංචාරවලදී එවැනි භාෂාව භාවිතා කරන ක්‍රීඩකයින් හෝ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කණ්ඩායම් කළමනාකරු විසින් දඩ නියම කරනු ඇත.

සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන්ද නව සීමා හඳුන්වා දී ඇති අතර, කණ්ඩායමේ නීති හා සම්මුතියට විරුද්ධ වන ආකාරයේ paid promotions හෝ වෙළඳ ප්‍රචාරණ කටයුතු කිරීම තහනම් කර ඇත.

ඇඳුම් පිළිබඳ නීතිද දැඩි කරමින්, පුහුණු කාලය තුළ හෝ සංචාරවලදී stud shoes සහ earrings පැළඳීම තහනම් කර ඇති අතර, වෘත්තීයමය පෙනුම සහ ආරක්ෂාව සුරක්ෂිත කිරීම මෙයට හේතු ලෙස සඳහන් කර ඇත. තවද, SLC මූලස්ථානයට shorts සහ slippers පැළඳ පැමිණීමද තහනම් කර ඇත.

මෙම නව නීති මාලාවේ විශේෂයෙන් අවධානයට ලක්වූ කරුණක් ලෙස, තරඟාවලි කාලය තුළ ක්‍රීඩකයින් සහ කාර්ය මණ්ඩලය අතර ලිංගික සම්බන්ධතා වල නිරත වීම තහනම් කර තිබීම සඳහන් වේ. SLC පැවසුවේ, honey-trap, blackmail සහ රහස් තොරතුරු ලබාගැනීමේ උත්සාහයන් වලින් ක්‍රීඩකයින් ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි.

කෙසේ වෙතත්, තම ස්ථිර ජීවිත සහකාරිය හෝ සහකරු සමඟ සම්බන්ධතාවයක් තිබේ නම්, එය වෘත්තීය කටයුතු වලට බාධා නොවන පරිදි පවත්වා ගැනීමට ඉඩ ලබා දී ඇත.

SLC සඳහන් කළේ, මෙම නව නීති මාලාවේ ප්‍රධාන අරමුණ ලෙස රටේ සහ ක්‍රීඩකයින්ගේ රූපය ආරක්ෂා කිරීම සහ ඔවුන්ගේ අවධානය ක්‍රීඩාවට පමණක් යොමු කරවීම බවයි.
Advertisement
Advertisement
Advertisement