දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රිඩක Gerald Coetzee, Sunrisers Hyderabad (SRH) කණ්ඩායමේ David Payneගේ ආබාධය හේතුවෙන් IPL 2026 ඉතිරි තරඟ සඳහා එක් කරගෙන ඇත. ඔහු රුපියල් කෝටි 2ක ගිවිසුමක් යටතේ SRH කණ්ඩායම සමග එක්වෙයි.
වයස අවුරුදු 35ක් වන Payne, තරඟ දෙකකදී පන්දු වාර 5කින් ලකුණු 70ක් ලබාදී, පසුව කකුලේ (ankle) ආබාධයක් හේතුවෙන් තරඟාවලියෙන් ඉවත් වීමට සිදු විය. ඔහුද පෙර Jack Edwards වෙනුවට කණ්ඩායමට එක්වූ ක්‍රීඩකයෙකි.
Gerald Coetzee පසුගිය මාසයේ නවසීලන්තයේ පැවති T20I තරඟ මාලාවේදී දක්‍ෂතා පෙන්වමින් තරඟයකදී 3/31ක් ලබා ගත්තේය. ඔහු මීට පෙර IPL තරඟාවලියේ Mumbai Indians සමඟ 2024දී තරඟ 10කින් කඩුලු 13ක් ලබාගෙන ඇති අතර, 2025දී Gujarat Titans වෙනුවෙන් තරඟ 4කින් කඩුලු 2ක් ලබාගෙන ඇත.
SRH කණ්ඩායමට තවත් පිටරට ක්‍රීඩකයෙකු වන Brydon Carse ද ආබාධයක් හේතුවෙන් අහිමි වූ අතර, ඔහු වෙනුවට ශ්‍රී ලංකා වේග පන්දු යවන Dilshan Madushanka කණ්ඩායමට එක් කර ඇත.
කෙසේ වෙතත්, SRHට හොඳ ආරංචියක් ලෙස Pat Cummins අබාදය සම්පූර්ණයෙන් සුවය ලබා කණ්ඩායමට එක්වීමට අවසර ලබා ඇත. ඔහු අප්‍රේල් 25 දින Rajasthan Royals සමඟ පැවැත්වෙන තරඟයේදී නැවත ක්‍රීඩා කිරීමට අපේක්ෂා කෙරේ.
දැනට ලකුණු වගුවේ 5 වන ස්ථානයේ සිටින SRH, තරඟ 5කින් ජයග්‍රහණ 2ක් ලබාගෙන ඇති අතර, ඔවුන්ගේ මීළඟ තරඟය සෙනසුරාදා Chennai Super Kings සමඟ Hyderabad හි පැවැත්වේ.