Monday, March 02, 2026

පැතුම් නිශ්ශංක නවතම T20I ශ්‍රේණිගත කිරීම්හි තුන්වන ස්ථානය දක්වා ඉහලට

පැතුම් නිශ්ශංක නවතම T20I ශ්‍රේණිගත කිරීම්හි තුන්වන ස්ථානය දක්වා ඉහලට
Advertisement
සඳුදා (16) මහනුවර පැවති T20 ලෝක කුසලානයේ B කාණ්ඩයේ තරගයකදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් විශිෂ්ට ශතකයෙන් පසුව, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ICC පිරිමි T20I ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන තුනක් ඉදිරියට පැමිණ තුන්වන ස්ථානයට පත්විය.

ශ්‍රී ලංකාව ලකුණු 182ක් හඹා ගොස් ඕස්ට්‍රේලියාව කඩුලු අටකින් පරාජය කර සුපිරි අට වටයට සුදුසුකම් ලබා ගත් අතර, නිශ්ශංක පන්දු 52කින් තරගය තීරණාත්මක ශතකයක් ලබා ගත්තේය.

2026 T20 ලෝක කුසලානයේ පළමු ශතක ලාභියා වන නිශ්ශංක, හයේ පහර 5ක් සහ හතරේ පහර 10ක් සමඟින් නොදැවී අවසන් කළේය.

එය නිශ්ශංකගේ දෙවන T20I ශතකය ද වූ අතර, ඔහු ආකෘතියේ ශතක දෙකක් රැස් කළ පළමු ශ්‍රී ලාංකික පිතිකරුවා බවට පත්විය.

ඔහුගේ විශිෂ්ථ ඉනිමෙන් පසුව, ශ්‍රේණිගත කිරීමේ ලකුණු 786ක් සමඟින් පැතුම් නිස්සංක ඉන්දියාවේ තිලක් වර්මා සහ පාකිස්තානයේ සහිබ්සාඩා ෆර්හාන් අභිබවා ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානයට පත්විය. ලකුණු 891ක් ලබා ගනිමින් ඉන්දියාවේ අභිෂේක් ෂර්මා විස්සයි20 පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන අතර එංගලන්තයේ ෆිල් සෝල්ට් දෙවන ස්ථානයේ පසුවෙයි.
Advertisement
Advertisement
Advertisement