බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය අද (03) ආරම්භ වන අතර, තරගාවලිය සම කිරීමට අපේක්ෂාවෙන් ශ්‍රී ලංකාව සිය අවසන් ක්‍රීඩකයින් 11 දෙනා නම් කර තිබේ.
මෙම තරගයේ විශේෂත්වය වන්නේ වේග පන්දු යවන ක්‍රීඩක ඉසිත විජේසුන්දර ටෙස්ට් වරම් දිනා ගැනීමයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
•නිශාන් මධුෂ්ක
•ලහිරු උදාර
•දිනේෂ් චන්දිමාල්
•කමිඳු මෙන්ඩිස්
•ධනංජය ද සිල්වා (නායක)
•කුසල් මෙන්ඩිස්
•සොනාල් දිනූෂ
•ප්‍රභාත් ජයසූරිය
•මිලාන් රත්නායක
•ඉසිත විජේසුන්දර (ටෙස්ට් මංගල තරගය)
•අසිත ප්‍රනාන්දු
මේ අතර, ආබාධ සහ රෝගී තත්ත්වයන් හේතුවෙන් ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකුට මෙම තරගය අහිමි වී තිබේ.
වේග පන්දු යවන ලහිරු කුමාර දකුණු පාදයේ හෑම්ස්ට්‍රිං පේශියේ Grade 1 ආබාධයෙන් තවදුරටත් සුවය ලබමින් සිටින අතර, විශ්ව ප්‍රනාන්දු පෙරහුරු තරගයේදී නැවතත් කොන්ද, ශරීර මැද කොටස සහ උකුල් ප්‍රදේශයේ වේදනාවක් ඇතිවීම හේතුවෙන් තවදුරටත් විවේක ගෙන සිටියි.
එසේම, රමේෂ් මෙන්ඩිස් බැක්ටීරියා ආසාදනයකින් සුවය ලබමින් සිටින අතර, පැතුම් නිස්සංක පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව දිගින් දිගටම පැවති මැණික්කටුවේ වේදනාව හේතුවෙන් පසුගිය ජූනි 30 වැනිදා ශල්‍යකර්මයක් සඳහා එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් තිබේ.
ආබාධ හේතුවෙන් ප්‍රධාන ක්‍රීඩකයින් කිහිපදෙනෙකු අහිමි වුවද, තරගාවලිය 1-1ක් ලෙස සම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා කණ්ඩායම අද පිටියට පිවිසෙයි.