වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය වටයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.
මෙම සුදුසුකම ශ්‍රී ලංකාව ලබාගත්තේ මූලික වටයේදී තමන් සහභාගි වූ දෙවන තරගයෙන් අයර්ලන්තය පරාජය කිරීමත් සමඟයි.
මෙම තරගය නැමීබියාවේදී පැවැත්වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම, පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 267ක් රැස්කළා.
කණ්ඩායම් නායක විමත් දින්සර ලකුණු 95ක් ලබාගෙන ප්‍රමුඛත්වය ගත් අතර, චාමික හීනටිගල නොදැවී ලකුණු 51ක් රැස්කිරීමට සමත් වුණා.
ලකුණු 268ක ඉලක්කයක් හඹා ගිය අයර්ලන්ත කණ්ඩායමට, පන්දුවාර 40.1කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 161ක් පමණයි.
ඒ අනුව ශ්‍රී ලංකාව මෙම තරගය ලකුණු 106ක විශාල ජයක් ලෙස හිමි කරගත්තා.
පන්දු යැවීමේදී දුල්නිත් සිගේරා කඩුලු 4ක් දවාගත් අතර, රසිත් නිම්සර කඩුලු 3ක් දවාගනිමින් අයර්ලන්ත පිතිකරුවන් පීඩනයට ලක් කළා.