Saturday, October 17, 2026
Breaking

ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට

ආසියානු ක්‍රීඩා උළලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාවට
Advertisement


20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් රන් පදක්කම දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (03) සමත් විය.

අවසන් මහා තරගයේදී පාකිස්තාන කණ්ඩායම ලකුණු 19කින් පරාජයට පත් කරමින් ඉන්දියාව මෙම රන් පදක්කම හිමිකර ගත්තේය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 211ක් රැස් කළේය.

ඒ අනුව ලකුණු 212ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 192ක් පමණි.

ඒ අනුව ලකුණු 19ක ජයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායම 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් රන් පදක්කම හිමිකර ගත්තේය.
Advertisement
Advertisement
Advertisement