Match Reports
පිරිමි ක්රිකට් ලෝකඩ පදක්කම ශ්රී ලංකාවට - ආසියානු ක්රීඩා උළෙල
October 03, 2026
09:30 PM
Main Admin
ජපානයේ පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට ශ්රී ලංකා කණ්ඩායම අද (03) සමත් විය.
ලෝකඩ පදක්කම වෙනුවෙන් පැවැති තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 63කින් පරාජයට පත් කරමින් ශ්රී ලංකාව මෙම ජයග්රහණය හිමිකර ගත්තේය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කළේය.
ඒ අනුව ජයග්රහණය සඳහා ලකුණු 166ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශ කණ්ඩායමට ශ්රී ලංකා පන්දු යවන්නන් හමුවේ සාර්ථක වීමට නොහැකි වූ අතර, ඔවුන්ට සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 102ක් පමණි.
ඒ අනුව ශ්රී ලංකාව ලකුණු 63ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ආසියානු ක්රීඩා උළෙලේ පිරිමි ක්රිකට් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.
මෙය මෙවර ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාව දිනාගත් තෙවැනි පදක්කම වන අතර, මේ වන විට ශ්රී ලංකාව රන්, රිදී සහ ලෝකඩ පදක්කම බැගින් දිනාගෙන තිබේ.