සූර්යකුමාර් යාදව් ඉන්දීය විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.
අජිත් අගාකාර්ගේ ප්‍රධානත්වයෙන් යුත් තේරීම් කමිටුව, ඉන්දියාවේ නව විස්සයි-20 නායකයා ලෙස ශ්‍රෙයාස් අයියර් පත් කිරීමට අවධානය යොමු කර ඇති බව BCCI ආරංචි මාර්ග NDTV වෙත තහවුරු කර ඇති බව සඳහන්.
2026 IPL තරගාවලියේදී පන්ජාබ් කිංග්ස් (PBKS) කණ්ඩායම වෙනුවෙන් ඔහු දැක්වූ විශිෂ්ට නායකත්වය මෙයට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
IPL තරගාවලියෙන් පසු පැවැත්වෙන අයර්ලන්ත සහ එංගලන්ත සංචාර සඳහා තරුණ දක්ෂයින් ඉන්දීය විස්සයි-20 කණ්ඩායමට හඳුන්වා දීමටද BCCI සූදානම් වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.
ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) වාර්තාවකට අනුව, සූර්යකුමාර් යාදව් පිත්තෙන් දක්වන දුර්වල දක්ෂතා හේතුවෙන් තේරීම් කමිටුවේ "ඉවසීම සීමා වී" ඇති බව සඳහන්.
අවසන් මොහොතේ තීරණය වෙනස් නොවන්නේ නම්, ශ්‍රෙයාස් අයියර් නව නායකයා වීමට වැඩි ඉඩක් පවතින බවයි NDTV සඳහන් කරන්නේ.
මීට අමතරව, සූර්යකුමාර්ගේ පවතින දුර්වල දක්ෂතා මත ඔහු පිතිකරුවෙකු ලෙස හෝ සංචිතයට ඇතුළත් වේද යන්න පිළිබඳව දැඩි ප්‍රශ්නාර්ථයක් මතුව ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.
ඉන්දියාව විස්සයි-20 පිටියේ ඉහළ වාර්තාවක් තබා තිබුණද, සූර්යකුමාර් පසුගිය මාස කිහිපය තුළ ලකුණු අතර සිටීමට අපොහොසත් වුණා.
විශේෂයෙන්ම 2026 IPL තරගාවලියේදී මුම්බායි ඉන්ඩියන්ස් වෙනුවෙන් තරග 10කදී ඔහු ලබාගෙන ඇත්තේ ලකුණු 195ක් පමණයි.
සූර්යකුමාර් කලක සිට මැණික් කටුවේ ආබාධයකින් පීඩා විඳින බවත්, ඔහු වේදනාව මධ්‍යයේ ක්‍රීඩා කරන බවත්, අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කර කර ඇති බවයි NDTV වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.