Monday, March 02, 2026

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරඟ සඳහා ටිකට්පත් අලෙවි වන ස්ථාන සහ වේලාවන්

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන T20 ලෝක කුසලාන තරඟ සඳහා ටිකට්පත් අලෙවි වන ස්ථාන සහ වේලාවන්
Advertisement
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 2026 ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ටිකට්පත් අලෙවිය 03 සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත.

ඒ අනුව කොළඹ සහ මහනුවර ස්ථාන පහක ටිකට්පත් කවුන්ටර විවෘත වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය, ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය, ඔරුගොඩවත්ත ටිකට්පත් කවුන්ටරය, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සහ බලගොල්ල අබිත ක්‍රීඩාංගනය යන ස්ථානවල ටිකට්පත් කවුන්ටර ස්ථාපිත කර ඇත.

▫️ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) මූලස්ථානය
සියලුම දිනවල විවෘතයි
විවෘත දිනය: 2026 පෙබරවාරි 03

▫️ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (RPICS), කොළඹ - ගේට්ටුව 1
විවෘත දිනය: 2026 පෙබරවාරි 04
තරග නොවන දිනවල පමණක් විවෘතයි

▫️ ඔරුගොඩවත්ත ටිකට්පත් කවුන්ටරය
RPICS තරඟ දිනවල පමණක් විවෘතයි

▫️ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (PICS), මහනුවර - ගේට්ටුව 5
විවෘත දිනය: 2026 පෙබරවාරි 07
තරග නොවන දිනවල පමණක් විවෘතයි

▫️ අබිතා ක්‍රීඩාංගණය, බලගොල්ල
පල්ලෙකැලේ තරඟ දිනවල පමණක් විවෘතයි

පෙ.ව. 10:00 සිට ප.ව. 5:00 දක්වා කවුන්ටර විවෘතව පවතී.

ශ්‍රී ලංකා තරඟ සඳහා එක් පුද්ගලයෙකුට උපරිම ටිකට්පත් හතරක් නිකුත් කරන බවත්, ශ්‍රී ලංකා නොවන තරඟ සඳහා පුද්ගලයෙකුට ටිකට්පත් 10 ක් දක්වා මිලදී ගත හැකි බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

ටිකට්පත්වල මිල රු. 1,000 සිට රු. 10,000 දක්වා වේ.
Advertisement
Advertisement
Advertisement