Monday, August 31, 2026

මෙග් ලැනිං, සුසී බේට්ස් ඇතුළු ලොව ප්‍රබල ක්‍රීඩිකාවන් WCPL වෙත

මෙග් ලැනිං, සුසී බේට්ස් ඇතුළු ලොව ප්‍රබල ක්‍රීඩිකාවන් WCPL වෙත
Advertisement

2026 කාන්තා කැරිබියන් ප්‍රිමියර් ලීග් (WCPL) තරගාවලිය සඳහා මෙග් ලැනිං, සුසී බේට්ස්, ෂබ්නිම් ඉස්මයිල් සහ මරිසාන් කප් ඇතුළු ප්‍රබල විදෙස් ක්‍රීඩිකාවන් රැසක් කණ්ඩායම් විසින් ගිවිසුම්ගත කර තිබේ.

මෙවර පැවැත්වෙන්නේ WCPL තරගාවලියේ පස්වැනි අදියර වන අතර, පළමු වරට කණ්ඩායම් හතරක් තරගාවලියට එක්වීම විශේෂත්වයකි. නව කණ්ඩායම ලෙස Jamaica Empress එක්ව තිබේ.

ඉන්දියාවෙන් ෂිඛා පාණ්ඩේ, කිරන් නව්ගිරේ, යස්තිකා භාටියා සහ පූජා වස්ත්‍රකාර් මෙවර තරගාවලිය සඳහා තහවුරු කර ඇති ක්‍රීඩිකාවන් වේ.

දිගු කාලයක් ආබාධයකට ලක්ව සිටි පූජා වස්ත්‍රකාර්ට නිල T20 ක්‍රිකට් පිටියට නැවත පැමිණීමට මෙය විශේෂ අවස්ථාවක් වනු ඇත. ඇය අවසන් වරට නිල T20 තරගයකට ක්‍රීඩා කර තිබුණේ 2024 ඔක්තෝබර් මාසයේදීය.

යස්තිකා භාටියා, 2024 සහ 2025 තරගවාරවලදීද ක්‍රීඩා කළ ෂිඛා පාණ්ඩේ සමඟ Trinbago Knight Riders කණ්ඩායමට එක්වනු ඇත. පාණ්ඩේ හැර අනෙකුත් ඉන්දීය ක්‍රීඩිකාවන් තිදෙනාම මෙවර පළමු වරට WCPL තරගාවලියට ක්‍රීඩා කරති.

දකුණු අප්‍රිකාවෙන් ක්ලෝයි ට්‍රයොන්, ටස්මින් බ්‍රිට්ස්, නාඩීන් ඩි ක්ලර්ක් සහ නොන්කුලුලෙකෝ ම්ලාබා ද තරගාවලියට එක්ව සිටිති. ට්‍රයොන්, බ්‍රිට්ස් සහ ඩි ක්ලර්ක් Guyana Amazon Warriors කණ්ඩායමටත්, ම්ලාබා Jamaica Empress කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට නියමිතය.

නවසීලන්තයෙන් Maddy Green සහ Rosemary Mair ද, අයර්ලන්තයේ යොවුන් දක්ෂතාවක් වන Amy Hunter ද මෙවර තරගාවලිය සඳහා ගිවිසුම්ගත කර තිබේ.

පාකිස්තානයෙන් මේ වන විට ගිවිසුම්ගත කර ඇති එකම ක්‍රීඩිකාව වන්නේ 22 හැවිරිදි පාදග පන්දු යවන්නියක වන Syeda Aroob Shah වන අතර, ඇය Jamaica Empress වෙනුවෙන් සිය පළමු WCPL තරගාවලියට ක්‍රීඩා කරනු ඇත.

කණ්ඩායම් අනුව විදෙස් ක්‍රීඩිකාවන්

Barbados Tridents:
Maddy Green, Suzie Bates, Pooja Vastrakar, Kiran Navgire

Guyana Amazon Warriors:
Shabnim Ismail, Erin Burns, Chloe Tryon, Tazmin Brits, Nadine de Klerk

Jamaica Empress:
Meg Lanning, Amy Hunter, Nonkululeko Mlaba, Syeda Aroob Shah, Rosemary Mair

Trinbago Knight Riders:
Marizanne Kapp, Shikha Pandey, Laura Harris, Madeline Penna, Yastika Bhatia

මෙවර Jamaica Empress කණ්ඩායමේ ප්‍රධානතම ගිවිසුම්ගත කිරීම ලෙස හිටපු ඔස්ට්‍රේලියානු නායිකා Meg Lanning සැලකෙන අතර, 34 හැවිරිදි ඇය පළමු වරට WCPL තරගාවලියට එක්වීමට නියමිතය.

එමෙන්ම 36 හැවිරිදි දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩිකා Marizanne Kapp ද Trinbago Knight Riders සමඟ එක්වෙමින් සිය පළමු WCPL අත්දැකීම ලබාගැනීමට නියමිතය.
Advertisement
Advertisement
Advertisement