බංග්ලාදේශයට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලු 10ක් දවාගැනීමත් සමඟ ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාක් නවතම ICC ටෙස්ට් පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පත්ව තිබේ.
මැකේහි පැවැති තරගයේදී ස්ටාක් පළමු ඉනිමේදී ලකුණු 12කට කඩුලු 6ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 39කට කඩුලු 4ක් දවාගත්තේය. එම දස්කමත් සමඟ ඔහු ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ පළමු වරට සිය ටෙස්ට් දිවියේ අංක එකේ පන්දු යවන්නා බවට පත්විය.
ඒ අනුව ඉන්දියාවේ ජස්ප්‍රිට් බුම්රා දෙවැනි ස්ථානයටත්, නවසීලන්තයේ මැට් හෙන්රි තෙවැනි ස්ථානයටත් පහළ බැස තිබේ.
ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සිව්වැනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇති අතර, නේතන් ලයන් ස්ථාන දෙකක් ඉදිරියට පැමිණ පළමු දස දෙනා අතරට එක්ව තිබේ.
මේ අතර, ශ්‍රී ලංකාවේ අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය ස්ථාන පහ බැගින් ඉදිරියට පැමිණ පිළිවෙළින් 15 වැනි සහ 16 වැනි ස්ථානවලට පත්ව ඇත.
පිතිකරුවන් අතර හැරී බෲක් තවදුරටත් පළමු ස්ථානයේ රැඳී සිටින අතර, ශ්‍රී ලංකාවට එරෙහි දස්කම් හේතුවෙන් රිෂාබ් පන්ට් ස්ථාන හයක් ඉදිරියට පැමිණ හත්වැනි ස්ථානයට පත්ව තිබේ.