Monday, June 01, 2026

උර්විල් පටෙල් IPL වේගවත්ම අර්ධ ශතක වාර්තාව සම කරයි

උර්විල් පටෙල් IPL වේගවත්ම අර්ධ ශතක වාර්තාව සම කරයි
Advertisement

Chennai Super Kings කණ්ඩායමේ පිතිකරු Urvil Patel, Lucknow Super Giants ට එරෙහිව චෙන්නායිහි Chepauk ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී පන්දු 13කින් අර්ධ ශතකයක් රැස් කරමින් IPL ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතක වාර්තාව සම කර තිබේ.

මෙම වාර්තාව මීට පෙර Yashasvi Jaiswal විසින් IPL 2023 තරගාවලියේදී Kolkata Knight Riders ට එරෙහිව පන්දු 13කින් අර්ධ ශතකයක් ලබා ගනිමින් පිහිටුවා තිබුණි.

27 හැවිරිදි Patel, ලකුණු 204ක ඉලක්කයක් හඹා යමින් සිටි CSK කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිස, පන්දු 23කින් ලකුණු 65ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහර 8ක් සමඟිනි.

ඔහුගේ ඉනිම අතරතුර පන්දු 13කින් අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර, එය සමරමින් “This is for you, Papa” යනුවෙන් සඳහන් පණිවිඩයක් සහිත කඩදාසියක්ද ප්‍රදර්ශනය කළේය.

Patelගේ වේගවත් ඉනිම හේතුවෙන් Chennai Super Kings කණ්ඩායම 2019 වසරෙන් පසු පළමු වරට IPL තරගයක ලකුණු 180ට වැඩි ඉලක්කයක් සාර්ථකව හඹා ගොස් ජයග්‍රහණය කිරීමට සමත් විය.

මෙය Patelගේ IPL 2026 තරගාවලියේ සිව්වන තරගය වන අතර, ඔහුට කණ්ඩායමේ ස්ථානය හිමිවූයේ Ayush Mhatre ආබාධයකට ලක්වීමෙන් අනතුරුවය.

T20 ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය නේපාලයේ Dipendra Singh Airee සතු වන අතර, ඔහු 2023 ආසියානු ක්‍රීඩා උළෙලේදී මොංගෝලියාවට එරෙහිව පන්දු 9කින් එම වාර්තාව පිහිටුවා තිබේ.
Advertisement
Advertisement
Advertisement