පකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක Salman Agha බංග්ලාදේශය සමඟ මිරිපුරේ පැවැති දෙවන එක්දින තරඟයේදී International Cricket Council (ICC) නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නිල අවවාදයක් සහ demerit point එකක් ලබා දී තිබේ.
ICC අනුව ඔහු උල්ලංඝනය කර ඇත්තේ Article 2.2 යටතේ ඇති “තරඟයක් අතරතුර ක්‍රිකට් උපකරණ හෝ ක්‍රීඩා භූමියේ උපකරණ අනිසි ලෙස භාවිතා කිරීම හෝ හානි කිරීම” සම්බන්ධ නියමයයි.
මෙම සිදුවීම පකිස්තානයේ ඉනිමේ 39 වන ඔවරයේදී සිදුවිය. Salman Agha 62 පන්දු වලින් ලකුණු 64ක් ලබාගෙන සිටියදී අසාමාන්‍ය run-out එකකට ලක් විය. එහිදී Mohammad Rizwan පහර දුන් පන්දුව බංග්ලාදේශ පන්දු යවන්නා වන Mehidy Hasan Miraz තම පාදයෙන් නවතා ගත්තේය. එම අවස්ථාවේ Agha ක්‍රීඩා කලාපයෙන් පිටත සිටියදී Miraz පන්දුව අල්ලා wicket බිඳ දමා ඔහුව run-out කළේය.
මෙම තීරණයෙන් කෝපයට පත් වූ Agha තම ග්ලවුස් සහ හෙල්මට් බිමට විසි කරමින් ප්‍රතිචාර දැක්වීය. කෙසේ වෙතත් පසුව පැවැති මාධ්‍ය හමුවේ ඔහු සිද්ධිය සම්බන්ධයෙන් කණගාටුව පළ කරමින් “sportsman spirit” පිළිබඳ අවධාරණය කළේය.
Agha තම වරද පිළිගෙන තරඟ විනිශ්චයකරු වන Neeyamur Rashid Rahul විසින් යෝජනා කළ දඩුවමද පිළිගෙන ඇත. Level 1 වරදක් සඳහා අවම දඩුවම නිල අවවාදයක් වන අතර, උපරිම ලෙස තරඟ ගාස්තුවෙන් 50%ක් දඩයක් සහ demerit points 1ක් හෝ 2ක් ලබාදිය හැක.